Skip to main content

Featured Post

Compiler & Interpreter සිංහලෙන්

Compiler & Interpreter සිංහලෙන් ආයුබෝවේවා හැමෝටම, අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ PHP ගැනනේ, කලින් session එකේදී මම කිවුවා Complier එකයි Interpreter එකයි ගැන කියලා දෙනවා කියලා. හරි මචංලා අපි බලමු මේ මොකක්ද කියලා. මුන් දෙන්න ඇවිල්ල මචං සරලවම කිව්වොත් කරන්නේ මෙන්න මේ වගේ වැඩක්, මෙතන මචන් එකෙක් ඉන්නවා ඌ මචං කාලා දුවන එකෙක් , අනිත් එකා මචං දුවන ගමන් කන එකෙක් . හරි සරලයි. computer එකේ ඉන්නවා මචන් කන්දේ අයියා කෙනෙක්. උ තමයි පොර. ඒ පොර තමයි Processor එක. මොකද අපි මොනා කරත් ඌට අපි කියන දේ තේරෙන් නැත්නම් run කරනවා  බොරු. එතකොට අපි ඌට තේරෙන භාෂාවකින් කියලා දෙන්න ඕනේ. ඌ දන්නේ එකම එක භාෂාවයි, ඒ තමයි machine language එක. කරුමෙට මේක Human Readable නෑ. ඒ කිවුවේ ඒ අපබ්බ්‍රන්සේ අපිට තේරෙන් නැ. එ භාෂාව කතා කරන්නේ machine තමයි ඉතිං. අපි මිනිස්සුනේ. ඔන්න ඔතනදි තමයි ඉතිං අපිට translater කෙනෙක් එහෙමත් නැත්නම් භාෂා පරිවර්තකලා ඕන වෙන්නේ. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම ඉන්නවා.  අපි දන්න භාෂාවෙන් දන්නා දේ ලියලා,ඒ ලියපු ටික translator ට දීලා machine code එකට  translate ...

PHP ඉගෙන ගනිමු - 1 පරිච්චේදය. | Learn PHP - Part 1

මොනාද මේ PHP කියන්නේ?

හරි මචංලා අපි බලමු දැන් PHP කියන්නේ මොකක්ද , මොනාටද මේක පාවිච්චි කරන්නේ කියලා.

PHP is a server side scripting language. that is used to develop Static websites or Dynamic websites or Web applications. PHP stands for Hypertext Pre-processor, that earlier stood for Personal Home Pages.

තේරුනේ නෑ නේද, (මටත් ඕක මුලින්ම කියෙව්වම හිතුනේ මේ මොන ල..... කියලා)
අපි මේක සරලව තේරුම් ගනිමු මෙන්න මේ විදයට. මොකද PHP ඉගෙන ගන්න කලින් දැනගත යුතු වැදගත් දේවල් කීපයක්ම තියෙනවා. ඒ තමයි මේ,

Software development වලදී අපිට දැක ගන්න පුළුවන් දෙයක් තමයි මේ frontend development සහ backend development කියන්නේ.

මොන මේ හුට්ටපරයක්ද මේ කියන්නේ. මේවා දන්නේ නැතිව ඉතින් development කරලා වැඩක් නැ බං.

Frontend development කියන්නේ මචෝ සරලවම කිව්වොත් මෙහෙමයි, 

මොකක් හරි system එකක් හරි website එකක් හරි ගනින්කෝ, දැන් මේක හදලා තියෙන්නේ user කෙනෙක්ට use කරන්නනේ. එතකොට මේ අටමගලේ තියෙනවා user ට පෙනෙන කොටසකුයි පේන්නේ නැති කොටසකුයි. අන්න ඒ user ට පේන part එක නිර්මාණය කරනවට කියන්නේ Frontend Development කියලා, user ට පේන්නේ නැති part එක නිර්මාණය කරනවට කියන්නේ Backend Development කියලා.

මොනාද එතකොඅට මේ user ට පේන Frontend development - ඒ කියන්නේ user කෙනෙක් ට system එකේ පේන pictures , tables , එතකොට එක එක පාට පාට text , buttons වගේ දේවල් develop කරනවට තමයි මේ Frontend Development කියන්නේ සරලම සිංහලෙන් කිව්වොත්.

ඊට පස්සේ Backend Development කියන්නේ මෙන්න මෙහෙම දෙකට, 

දැන් user කෙනෙක් website එකක තියෙන form එකක් fill කරලා save කරා කියමුකෝ, එතකොට මේ fill කරපු data ටික ලස්සනට arrange කරලා මොකක් හරි database එකකට දාන එක වගේම ඒ දාපු data ටික ලස්සනට user interface එකකට ගෙනැල්ල  පෙන්නන්න නැවත database එකෙන් අරන් එන එක හදන එක තමයි Backend Development කියන්නේ තේරෙන Sinhalen.

එතකොට දැන් මේ Frontend වලටයි Backend වලටයි වෙන වෙනම languages වගේම ඒ languages භාවිතා කරලා framework නිර්මාණය කරලා තියෙනවා මේ විශ්ව ගම්මානය ඇතුලේ.

Frontend development වලට ගොඩක්ම use කරන්නේ HTML , CSS , javascript වගේ languages.
ඒ වගේම තමයි මේවා use  කරලා AngularJS , React.js , jQuery , SASS වගේ පහසුවෙන් code කරන්න පුළුවන් framework නිර්මාණය කරලා තියෙනවා.

Backend development වලට ලෝකේ පුරාම ඉන්න developers ලා භාවිතා කරන ගොඩක් languages තියෙනවා,
ඒ අතරින් ජනප්‍රියම කීපයක් තියෙනවා. PHP,  C++, java, python, C#, Ruby, REST, GO ඒ අතරින් ප්‍රමුඛ වෙනවා. ඒ වගේම Frontend , Backend දෙකටම භාවිතා කරන්න පුළුවන් development languages කීපයක් තියෙනවා. Javascript සහ node.js ඒ සදහා ජනප්‍රිය උදාහරණ වෙනවා.
ඒ වගේම Express, Django, Rails, Laravel, Spring වගේ frameworks වඩාත් බහුල ලෙස භාවිතා වන backend development වලට භාවිතා කරන frameworks වනවා.

හරි මචංල දැන් අපි නැවත එමු අපේ මාතෘකාවට, PHP

දැන් දන්නවනේ PHP කියන්නේ backend development සදහා භාවිතා කරන language එකක් කියලා. හැබැයි මචෝ PHP කියන්නේ නිකම්ම නිකම් language එකක් නෙවෙයි, මේක Scripting Language එකක්.

අම්මෝ එක දඩ seen එකක්, මේක මම වෙනම කියල දෙන්නම්, මොකද scripting language ගැන කියල දෙන්න කලින් Interpreter එකයි compiler එක ගැනයි කියලා දෙන්න වෙනවා. එක ටිකක් සංකීර්ණයි. දැනට මතක් තියාගන්න PHP කියන්නේ Scripting language එකක් කියලා.

හරි දැන් අපි බලමු අපිට මොනාද කරන්න පුළුවන් මේ PHP භාවිතා කරලා.

කරන්න පුළුවන් දේවල් ගැන කතා කරලා එවරයක් කරන්න බෑ, ඒ තරම් ගොඩක් දේවල් PHP වලින් කරන්න පුළුවන්, පුංචි පහේ website එකක ඉඳලා facebook වගේ පත size ලොකු web application වගේම ERP , CRM වගේ ලොකු ලොකු දේවල් හදාගන්න පුළුවන්. 

ඊට කලින් අපිට කරන්න පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. මොකද driver හිටියට වැඩක් නැනේ පදින්න වහනයක් නැතුව. PHP වලින් වැඩ කරන්න කලින් අපිට සිද්දවෙනවා PHP development කරන්න පුළුවන් environment එක හදාගන්න එක. අපි එක ඊළඟ කොටසේදී කතා කරමු. අදට මේ ටික හොඳටම ඇති.


Comments

  1. නියම වැඩක් මචන්
    දිගටම කරගෙන යන්න.....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බොරුව

බොරුව, එය සැබවින්ම මවා පෑමකි. මන්දයත් බොරුව පවතින්නක් නොවනා බැවිනි. ඒ අතරින් වැදගත් දේ වනුයේ , දැන බොරු කීරීම සහ කීම. නොදැන බොරු කීරීම සහ කීම නමුත් මට සිතෙනා අයුරට ඉහත කරුණු දෙකෙන් සැබෑවටම නිවැරදි වන්නේ පළමු කරුණ පමණක්ම බවයි. ඒ බොරුව සෑමවිටම දැන කරන්නාවූ දෙයක්ම වන බැවිනි. නොදැන සිදුවන්නේ වැරදිම් වේ. ලොරි පාක් කරනවා, නයි අරිනවා මෙවැනි දේවල් තුලින්ද පැවසෙන්නේ බොරුව ගැනම වේ. බොරුවට ඇත්තේ එකම එක අරමුණකි, එනම් රැවටීම පමණකි. බොරුවෙන් රැවටීමේද අරමුණු දෙකකි, යහපත් අරමුණක් සදහා බොරු කීම අයහපත් අරමුණක් සදහා බොරු කීම බොරුවට සැමවිටම දෙපාර්ශවයක් සිටි, බොරුව කරන්නා හෝ කියන්නා බොරුවට භාජනය වන්නා මෙහදී බොරුවට භාජනය වන පුද්ගලයා මත බොරුවෙහි පැවැත්ම රදා පවතී. එනම් බොරුව කරන්නා හෝ කියන්නා කල දේ හෝ කී දේ බොරුවක් යැයි තේරුම් ගන්නා තාක් කල් එම බොරුව බොරුවක් ලෙසම පවතී. බොරුවටම බොරු කරන බොරුකාරයන් ද සිටි.  බොරුව, රැවටීම සහ කපටිකම. මේ සියල්ලම එකට බැඳී පවතී. බොරුවක් කිරීමට කපටිකම අත්‍යවශ්‍ය වේ. බොරුකරන්නාගේ කපටිකමේ හැකියාව මත කොයිතරම් දුරට කෙනෙකුව රැවටිය හැකිද යන්න තීරණය ව...

Compiler & Interpreter සිංහලෙන්

Compiler & Interpreter සිංහලෙන් ආයුබෝවේවා හැමෝටම, අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ PHP ගැනනේ, කලින් session එකේදී මම කිවුවා Complier එකයි Interpreter එකයි ගැන කියලා දෙනවා කියලා. හරි මචංලා අපි බලමු මේ මොකක්ද කියලා. මුන් දෙන්න ඇවිල්ල මචං සරලවම කිව්වොත් කරන්නේ මෙන්න මේ වගේ වැඩක්, මෙතන මචන් එකෙක් ඉන්නවා ඌ මචං කාලා දුවන එකෙක් , අනිත් එකා මචං දුවන ගමන් කන එකෙක් . හරි සරලයි. computer එකේ ඉන්නවා මචන් කන්දේ අයියා කෙනෙක්. උ තමයි පොර. ඒ පොර තමයි Processor එක. මොකද අපි මොනා කරත් ඌට අපි කියන දේ තේරෙන් නැත්නම් run කරනවා  බොරු. එතකොට අපි ඌට තේරෙන භාෂාවකින් කියලා දෙන්න ඕනේ. ඌ දන්නේ එකම එක භාෂාවයි, ඒ තමයි machine language එක. කරුමෙට මේක Human Readable නෑ. ඒ කිවුවේ ඒ අපබ්බ්‍රන්සේ අපිට තේරෙන් නැ. එ භාෂාව කතා කරන්නේ machine තමයි ඉතිං. අපි මිනිස්සුනේ. ඔන්න ඔතනදි තමයි ඉතිං අපිට translater කෙනෙක් එහෙමත් නැත්නම් භාෂා පරිවර්තකලා ඕන වෙන්නේ. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම ඉන්නවා.  අපි දන්න භාෂාවෙන් දන්නා දේ ලියලා,ඒ ලියපු ටික translator ට දීලා machine code එකට  translate ...