Skip to main content

Featured Post

Compiler & Interpreter සිංහලෙන්

Compiler & Interpreter සිංහලෙන් ආයුබෝවේවා හැමෝටම, අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ PHP ගැනනේ, කලින් session එකේදී මම කිවුවා Complier එකයි Interpreter එකයි ගැන කියලා දෙනවා කියලා. හරි මචංලා අපි බලමු මේ මොකක්ද කියලා. මුන් දෙන්න ඇවිල්ල මචං සරලවම කිව්වොත් කරන්නේ මෙන්න මේ වගේ වැඩක්, මෙතන මචන් එකෙක් ඉන්නවා ඌ මචං කාලා දුවන එකෙක් , අනිත් එකා මචං දුවන ගමන් කන එකෙක් . හරි සරලයි. computer එකේ ඉන්නවා මචන් කන්දේ අයියා කෙනෙක්. උ තමයි පොර. ඒ පොර තමයි Processor එක. මොකද අපි මොනා කරත් ඌට අපි කියන දේ තේරෙන් නැත්නම් run කරනවා  බොරු. එතකොට අපි ඌට තේරෙන භාෂාවකින් කියලා දෙන්න ඕනේ. ඌ දන්නේ එකම එක භාෂාවයි, ඒ තමයි machine language එක. කරුමෙට මේක Human Readable නෑ. ඒ කිවුවේ ඒ අපබ්බ්‍රන්සේ අපිට තේරෙන් නැ. එ භාෂාව කතා කරන්නේ machine තමයි ඉතිං. අපි මිනිස්සුනේ. ඔන්න ඔතනදි තමයි ඉතිං අපිට translater කෙනෙක් එහෙමත් නැත්නම් භාෂා පරිවර්තකලා ඕන වෙන්නේ. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම ඉන්නවා.  අපි දන්න භාෂාවෙන් දන්නා දේ ලියලා,ඒ ලියපු ටික translator ට දීලා machine code එකට  translate ...

බොරුව

බොරුව,

එය සැබවින්ම මවා පෑමකි. මන්දයත් බොරුව පවතින්නක් නොවනා බැවිනි.
ඒ අතරින් වැදගත් දේ වනුයේ ,

  1. දැන බොරු කීරීම සහ කීම.
  2. නොදැන බොරු කීරීම සහ කීම
නමුත් මට සිතෙනා අයුරට ඉහත කරුණු දෙකෙන් සැබෑවටම නිවැරදි වන්නේ පළමු කරුණ පමණක්ම බවයි. ඒ බොරුව සෑමවිටම දැන කරන්නාවූ දෙයක්ම වන බැවිනි.
නොදැන සිදුවන්නේ වැරදිම් වේ.

ලොරි පාක් කරනවා, නයි අරිනවා මෙවැනි දේවල් තුලින්ද පැවසෙන්නේ බොරුව ගැනම වේ.

බොරුවට ඇත්තේ එකම එක අරමුණකි, එනම් රැවටීම පමණකි.

බොරුවෙන් රැවටීමේද අරමුණු දෙකකි,

  1. යහපත් අරමුණක් සදහා බොරු කීම
  2. අයහපත් අරමුණක් සදහා බොරු කීම
බොරුවට සැමවිටම දෙපාර්ශවයක් සිටි,
  1. බොරුව කරන්නා හෝ කියන්නා
  2. බොරුවට භාජනය වන්නා
මෙහදී බොරුවට භාජනය වන පුද්ගලයා මත බොරුවෙහි පැවැත්ම රදා පවතී. එනම් බොරුව කරන්නා හෝ කියන්නා කල දේ හෝ කී දේ බොරුවක් යැයි තේරුම් ගන්නා තාක් කල් එම බොරුව බොරුවක් ලෙසම පවතී.

බොරුවටම බොරු කරන බොරුකාරයන් ද සිටි.  බොරුව, රැවටීම සහ කපටිකම. මේ සියල්ලම එකට බැඳී පවතී. බොරුවක් කිරීමට කපටිකම අත්‍යවශ්‍ය වේ. බොරුකරන්නාගේ කපටිකමේ හැකියාව මත කොයිතරම් දුරට කෙනෙකුව රැවටිය හැකිද යන්න තීරණය වේ.

බොරුවෙහි පැවැත්ම රදා පවත්වා ගැනීම සදහා බොරු නැවත නැවත කල යුතුය.නැතිනම් එම බොරුව පවතින්නේ නැත. එනම් සැමවිටම එක් බොරුවක් අනික් බොරු සමග බැඳී පවතී.

උදාහරණයක් ලෙස,

  1. බොරුවක් පැවසීම
  2. එම බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම
  3. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම
  4. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම
  5. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම
  6. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම........
මේ අකාරයෙන් දිගින් දිගටම බොරුව පවත්වා ගෙන යායුතු වේ. මින් එකක් හරි බොරුවක් යැයි ඔප්පු වී ගියහොත් එය තහවුරු කීරීමට කල සියලක්ම අවසන් වේ. එම නිසා බොරුව පවතින්නේ නැත.

බොරුවෙන් කිසිවක් සැඟවීමට උත්සහ කිරීම මෝඩකමකි.

නමුත්  මමද මෝඩයෙකි. ඔබ මෝඩයෙක් වනවාද නැද්ද යන්න තීරණය ඔබ සතුව පවතී..

Comments

Popular posts from this blog

PHP ඉගෙන ගනිමු - 1 පරිච්චේදය. | Learn PHP - Part 1

මොනාද මේ PHP කියන්නේ? හරි මචංලා අපි බලමු දැන් PHP කියන්නේ මොකක්ද , මොනාටද මේක පාවිච්චි කරන්නේ කියලා. PHP is a server side scripting language. that is used to develop Static websites or Dynamic websites or Web applications. PHP stands for Hypertext Pre-processor, that earlier stood for Personal Home Pages. තේරුනේ නෑ නේද, (මටත් ඕක මුලින්ම කියෙව්වම හිතුනේ මේ මොන ල..... කියලා) අපි මේක සරලව තේරුම් ගනිමු මෙන්න මේ විදයට. මොකද PHP ඉගෙන ගන්න කලින් දැනගත යුතු වැදගත් දේවල් කීපයක්ම තියෙනවා. ඒ තමයි මේ, Software development වලදී අපිට දැක ගන්න පුළුවන් දෙයක් තමයි මේ frontend  development  සහ backend  development  කියන්නේ. මොන මේ හුට්ටපරයක්ද මේ කියන්නේ. මේවා දන්නේ නැතිව ඉතින් development කරලා වැඩක් නැ බං. Frontend  development කියන්නේ මචෝ සරලවම කිව්වොත් මෙහෙමයි,  මොකක් හරි system එකක් හරි website එකක් හරි ගනින්කෝ, දැන් මේක හදලා තියෙන්නේ user කෙනෙක්ට use කරන්නනේ. එතකොට මේ අටමගලේ තියෙනවා user ට පෙනෙන කොටසකුයි පේන්නේ නැති කොටසකුයි. අන්න ඒ user ට පේන part එක නිර්මාණය කරනවට...